Suwandel Rice Porridge

හෙළ වෙදකම, ආයුර්වේදය සහ නවීන පර්යේෂණ අනුව සුවඳැල් සහල් කැඳවල පොෂණීය ගුණයන්.

  1. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම.
  2. දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  3. අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
  4. මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
  5. බහිස්‍රාවී ක්‍රියාවලිය පහසු කරවයි , මලබද්ධය, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.

කැඳ පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය :-

එක පුද්ගලයෙක් සඳහා සහල් කැඳක් පිළියෙල කිරීමට වට්ටෝරුව. කැඳ සැකසීම සඳහා මැටි මුට්ටියක් භාවිතා කරන්න.

  • සුවඳැල් සහල් 25g /50g
  • පොල් කිරි 300ml – 400 ml (මිටි කිරි හෝ දිය කිරි – කැඳ පානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත)
  • රතු ළුෑනු ගෙඩියක්
  • ඉඟුරු පෙත්තක්
  • සුදු ලූනු බිකක්
  • රස අනුව ලුණු

සුවඳැල් සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 15 – 20 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 400ml – 500ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) . ඉන්පසු එයට පොල් කිරි (300ml), තලාගත් හෝ අඹරා ගත් රතු ළුෑනු , ඉඟුරු, සුදුලූනු, හොඳින් මිශ්‍ර කර මඳ ගින්නේ ඉදෙන්න හැර ළිපෙන් බා රස අනුව ලුණු එකතු කරගන්න.කිරි ඉදෙන තුරු ටික වේලාවක් ළිප මත තබා හැඳි ගාන්න. ළිපෙන් බා, නිවුණ පසු හිස් බඩට කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කරන්න.

Leave a Reply