Suwandel Seed Paddy

සුවඳැල් “සංස්කෘත බසින්: සුගන්ධික ශාලි”
පාරම්පරික “හැල්” වී ප්‍රභේදයක් වන “සුවඳ + හැල්” , සුවඳැල් තෙත් කළාපය, වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ යල, මහ කන්න දෙකෙහිම වගා කරන සුදු සහලකි.
පාරම්පරික සුවඳැල් සහල් ශරීරයේ සම නිරෝගීව තබා ගැනීමටත්, දිදුලන දීප්තිමත් සමක් පවත්වාගෙන යාමටත්, රූ සපුව වර්ධනය වීමටත්, කුඩා සහ වැඩිහිටි දෙපාර්ශයේම ප්‍රතිශක්තිය වර්ධනයටත් බෙහෙවින් උපකාරී වේ.
මෙම සහල් තුල පවත්නා ආකර්ශණීය සුවඳ නිසාම මෙයට “සුවඳ + හැල්” යන නාමය උරුමව තිබේ. සිරිලක සූප ශාස්ත්‍රයේ බත්, කිරි ආහාර, කිරිබත් හා රස කැවිලි සෑදීම සඳහා බෙහෙවින් උපකාරී වන සහලක් ලෙස සුවඳැල් සහල් සැලකිය හැකිය.

‘සුගන්ධික ශාලිධාන්‍ය’ (සංස්කෘත බසින්) හේවත් ‘සුවඳැල්’, ‘සුවඳ + හැල්’
පැරණි භාවිතාවේ හැටියට, ‘සුවඳැල්’ යනු ‘හැල්’ (සංස්කෘත බසින් ‘ශාලි’) හෙවත් ‘හැල්’ වී වර්ගයකි. ඒ අනුව, ‘සුවඳ හමන හැල්, සුව “ඳැල්” වන්නේ ය. (නැතිනම්, ‘සුවඳ හමන හැල්, සුවඳැල්’) දේශීය සුවඳැල් වර්ග දෙකකි. ඉන් එකක්, ‘සුදු සුවඳැල්’ ය. අනෙක, ‘රත් සුවඳැල්’ ය. ඒවා වපුරා මාස තුනකින් පැසෙන, ‘බාල වී’ ගණයට අයත් ය.

සුවඳැල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. කුෂ්ට, සම නිරෝගී කිරීම – සම පැහැපත් කර දෙයි. සම නිරෝගී කිරීම, කුෂ්ට රෝග පාලනය, මානසික රෝග හේතුවෙන් ඇතිවන කුෂ්ට රෝගීන් සඳහා සුදුසු වේ.
  2. කෙස් – ශක්තිමත් දීප්තිමත් කෙස් කළඹක් ලබා දී හිසකෙස් පෝෂණය කිරීම.
  3. කටහඬ මිහිරි කරයි.
  4. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  5. රුධිරයේ සීනි – රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි.
  6. හෘද රෝග / අධික රුධිර පීඩනය – අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
  7. ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
  8. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
  9. හෝමෝන – හෝමෝන ක්‍රියාවලිය මධ්‍යස්ථ ආකාරයට පවත්වා ගැනීමට සඳහා සුදුසු වේ.
  10. මානසික රෝග / ඔක්සිකාරක ආතතියට – ඔක්සිකාරක ආතතියට, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.

‘සුවඳැල්’ වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

සුවඳැල් තෙත් කළාපය, වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ යල, මහ කන්න දෙකෙහිම වගා කරන සුදු සහලකි.අස්වනු නෙලීම සඳහා මාස 3 1/2 – 4 ප්‍රමාණයක් ගත වේ.අක්කරයට බුසල් 40 – 60 දක්වා අස්වැන්න ලබා ගත හැකිය.

පාරම්පරික වී ප්‍රභේදය: සුවදැල්

පෙළපතහැල්
ප්‍රභේදයේ නම පෙළපත අනුව සුවඳැල්
සහලේ වර්ණයසුදු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයරන්වන් පැහැයට හුරු ලා තැඹිලි
වගා කිරීමට සුදුසු පළාත්දකුණු පාළාතේ,වියළි කලාපයේ
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවදකුණු පහත් බිම්වල
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස 3-6
වැඩුනු ශාකයේ උසඋස අඩි 3-4
පත්‍ර කොලපුවේ වර්ණයලා කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 40-60
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply