සුවඳැල් “සංස්කෘත බසින්: සුගන්ධික ශාලි”
පාරම්පරික “හැල්” වී ප්රභේදයක් වන “සුවඳ + හැල්” , සුවඳැල් තෙත් කළාපය, වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ යල, මහ කන්න දෙකෙහිම වගා කරන සුදු සහලකි.
පාරම්පරික සුවඳැල් සහල් ශරීරයේ සම නිරෝගීව තබා ගැනීමටත්, දිදුලන දීප්තිමත් සමක් පවත්වාගෙන යාමටත්, රූ සපුව වර්ධනය වීමටත්, කුඩා සහ වැඩිහිටි දෙපාර්ශයේම ප්රතිශක්තිය වර්ධනයටත් බෙහෙවින් උපකාරී වේ.
මෙම සහල් තුල පවත්නා ආකර්ශණීය සුවඳ නිසාම මෙයට “සුවඳ + හැල්” යන නාමය උරුමව තිබේ. සිරිලක සූප ශාස්ත්රයේ බත්, කිරි ආහාර, කිරිබත් හා රස කැවිලි සෑදීම සඳහා බෙහෙවින් උපකාරී වන සහලක් ලෙස සුවඳැල් සහල් සැලකිය හැකිය.
‘සුගන්ධික ශාලිධාන්ය’ (සංස්කෘත බසින්) හේවත් ‘සුවඳැල්’, ‘සුවඳ + හැල්’
පැරණි භාවිතාවේ හැටියට, ‘සුවඳැල්’ යනු ‘හැල්’ (සංස්කෘත බසින් ‘ශාලි’) හෙවත් ‘හැල්’ වී වර්ගයකි. ඒ අනුව, ‘සුවඳ හමන හැල්, සුව “ඳැල්” වන්නේ ය. (නැතිනම්, ‘සුවඳ හමන හැල්, සුවඳැල්’) දේශීය සුවඳැල් වර්ග දෙකකි. ඉන් එකක්, ‘සුදු සුවඳැල්’ ය. අනෙක, ‘රත් සුවඳැල්’ ය. ඒවා වපුරා මාස තුනකින් පැසෙන, ‘බාල වී’ ගණයට අයත් ය.