Rankumudu El Seed Paddy

‘‘ඇල්’’ වී වර්ගයට අයත් රන්කුමුදු ඇල් වී වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පාරම්පරික දේශීය වී අතුරින් සහල් ඇටය කළු වර්ණයක් ගන්නා රන්කුමුදු ඇල් වියළි කලාපයේ වගා කිරීමට යෝග්‍ය වේ.

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිරි ලංකාවේ බුදුවරු, අරිහත්, ආර්‍ය, ඍෂිවරු, දෙවිවරු, රජවරු, සිටුවරු හා අනෙකුත් වැසියන් උදෙසා වෙන් වෙන් වශයෙන් කැපවූ වී වර්ගත්, කුඹුරුත් උරුම වී ඇති බව පොත පතෙහි සඳහන් වේ. ඒ් අතුරින් රජවරු හා රජ පවුල් උදෙසා ද කැප කරන ලද කුඹුරු හා වගා භූමි දක්නට ලැබේ. රන්කුමුදු ඇල් යනු රජවරු, රජ පවුල් හා සිටුවරු උදෙසා පමණක් කැප කරන ලද පරි‌භෝජනයට ගත් විශේෂිත වී වර්ගයක් ලෙස සඳහන් කළ හැකිය.

පාරම්පරික දේශීය වී අතුරින් දැනට ඇති මිල අධික සහල් වර්ගය ලෙස රන්කුමුදු ඇල් කළු සහල් වලට හිමිවන්නේ අනෙකුත් සහල් වලට වඩා මෙහි ඇති විශේෂිත පෝෂණීය ගුණයන් නිසාමය. මිනිස් ශරීරයේ ලෙඩ සුව කිරීමට මෙන්ම ශරීරය මනාව පවත්වා ගෙන යාමටත් තිරිහන් බව(තරුණබව) රැක ගැනීමටත් තරුණ, මහලු අය සඳහා මෙම රන්කුමුදු ඇල් කළු සහල් දිනපතා අහාරයට ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.

රන්කුමුදු ඇල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. ශරීරයේ තරුණ බව පවත්වාගෙන යෑමටත් වියපත් හා මහළු අයගේ තිරිහන් බව නැවත ඇති කිරීම.
  2. කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කිරිදෙන මව්වරුන්ගේ කිරි එරීම සදහා ද වඩාත් ගුණදායක වේ.
  3. ශරීරයට හිතකර HDL ඉහළ ඝනත්ව ලිපොප්‍රෝටීන නිපදවීමටත්(හොඳ කොලෙස්ටරෝල්) රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කිරීමටත්, දියවැඩියාව, පිළිකා නාශක ගුණ වලින්ද යුක්ත වේ.
  4. හෘද රෝග සදහාත් යෝග්‍ය වේ.
  5. ඇස් සෞඛ්‍යයට සහාය වේ.

‘රන්කුමුදු ඇල්’ වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

රන්කුමුදු ඇල් වී වියළි කලාපයේ වගා කිරිමට සුදුසු අතර අස්වැන්න නෙලීම සඳහා මාස 4 1/2 පමණ ගත වේ. පාරම්පරිකව වගා කරන ලද රන්කුමුදු ඇල් වී අස්වැන්න අක්කරයකට බුසල් 100 – 115ත් අතර වේ.

මතුපිට ස්වභාවය

රන්කුමුදු ඇල් වී පුදීන අවධියේ සිට අස්වනු නෙලීම දක්වා වර්ණයන් කිහිපයකින් යුක්ත වේ. පුදින අවධියේ ඇත් දල වර්ණයත් කිරට නැමේන අවධියේදි ලා දම් පැහැයෙනුත් කිරිවඳින අවධියේහි දි තද දම් පැහැයෙනුත් පැසුණු විටටි රන්වන් දුඹුරු පැහැයත් වේ. සහල් ඇටය කළුපාටද සමරහ සහල් ඇට රන්වන් තද දුඹුරු පැහැයත් ගනි.

පාරම්පරික වී ප්‍රභේදය: රන්කුමුදු ඇල්

පෙළපතඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුවරන්කුමුදු ඇල්
සහලේ වර්ණයකළු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයකළු දිගටි හැඩයක් / රන්වන් දුඹුරු පැහැයක්
වගා කිරීමට සුදුසු පළාත්වියළි කලාපය
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවහොඳින් ජලය බැසයන පසක් සහිත කුඹුරු
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස 4 1/2
වැඩුනු ශාකයේ උස
පත්‍ර කොලපුවේ වර්ණයතද කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට ටොන් 2 සිට 3 / බුසල් 112 පමණ
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply