‘‘ඇල්’’ වී කුලයට අයත් පච්චපෙරුමාල් රතු සහල් සිරි ලංකාවේ වියළි කලාපයේ යල කන්නය සඳහා වගා කිරීමට යෝග්‍ය වේ. ද්‍රවිඩ භාෂාවට හුරුවක් දක්වන පච්චපෙරුමාල් (ප + ඉච්ච + පෙරුමා + ඇල්), පෙරුමාල් යනු අතීතයේ සිට විෂ්ණු දෙවියන් හදුන්වන එක් නාමයකි. අතීතයේ මෙම සහල් වර්ගය බුදුන් උදෙසාත් , අරිහතුන් උදෙසාත් , ආර්යයන් (ආර්යයන් යනු පෘතක්ජනභාවය ඉක්මවා නැගිසිටි උත්මන්ය) උදෙසාත් , දෙවිවරු උදෙසාත් ආහාරයන්ට හා දාන මාන උදෙසාත් කැප කර ඇති ඉතා වටිනා පාරම්පරික සහලක් ලෙස ගත හැකිය. තවද මෙම සහලේ රතු පැහැති වර්ණය බුදුන් වහන්සේගේ රැස් වලල්ලට හිමි එක් රතු පැහැයට සමාන බැවින් පච්චපෙරුමාල් සහලේ අර්ථය ‘බුද්ධ වර්ණය’ ලෙස ද වර්තමානයේ අර්ථ කථනය වේ.
තවද එය පසුකාලීනව පච්චපෙරුමාල් – (ප + ඉච්ච + පෙරුමා + ඇල්) ද්‍රවිඩාශ්‍රයෙන් ද එය සිංහල භාෂාවෙන් ‘සියපත් ඇල්’ ලෙස ද නම් කර ඇත. සියපත් යනුවෙන් නෙළුම් මලේ පෙති සියයක් ඇති බැවින් “සියපත් ඇල්” ලෙස අර්ථ කථනය වුව ද විෂ්ණු දේවියන් විසින් බුදුන් වහන්යේ උදෙසා කැප කරන ලද 108 ශක්තින්ගේන් පොෂිත දිව්‍යමය “බුද්ධ බෝගයක්” ලෙස පච්චපෙරුමාල් සහල දැක්විය හැක.