Masuran Label

‘‘මසුරන්’’ හැල් වී වර්ගයට අයත් මසුරන් වී පොෂණීය ගුණය අතින් ‘මසුරන් ම’ වේ. තෙත් කලාපයේ වගා කිරීමට සුදුසු රතු සහලක් වන මසුරන් වී, නම කියූ විටද පාරම්පරිකව දේශීය වී වගාකරණ ගොවි මහතුන් මෙහි ඇති ගුණ සමූදාය නිසා මෙය ‘මසුරන්’ ම වේ කියා කියන්නේ කට කොනට සිනාවක්ද නඟමිනි (දයානන්ද ගොවි මහතා ගම්පහ පාරම්පරික දේශීය වී වගා කරන්නන්ගේ සංගමය).

මිනිස් සිරුරේ පවත්නා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධීය ගුණයත් යහපත් සෞඛ්‍යයත් යහ පැවැත්මත් ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන බැවිනි. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරිම සම්බන්ධයෙන් ‘මසුරන් සහලට’ ඇත්තේ ඉතා විශිෂ්ඨ ගුණයකි. අහාර මාර්ගයේ පිළිකා, අමාශයේ පිළිකා, පියයුරු පිළිකා ආදිය මර්දය සඳහා පාරම්පරික මසුරන් සහල් ගුණදායක වේ.

මසුරන්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. දියවැඩියාව හා රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා උපකාරි වේ.
  2. අනවශ්‍ය මේදය හා ශරිරයේ බර මනාව කළමනාකරණ බෙහෙවින් උපකාරි වේ.
  3. ශරීර දාහය හෝ දැවිල්ල , අහාර ජිර්ණය පහසු කිරීම.
  4. පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, අංශභාග රොගින්, ස්නායු රෝග සඳහාත් දිනපතා අහාරයට ගැනීම යොග්‍ය වේ.

මසුරන් වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

මසුරන් වී තෙත් කළාපයේ වගාකිරීමට යොග්‍ය වන අතර යල සහ මහ කන්න දෙකෙහිම වගාකිරීමට සුදුසු වේ. යල කන්නයේ මාස 3 1/2 ක් සහ මහ කන්නයේ මා 4 1/2 අස්වනු නෙලා ගත හැකිවෙ. පාරම්පරිකව වගා කරන ලද මසුරන් වී අක්කරයට බුසල් 70-80 ක් දක්වා පමණ වේ. මෙම ශාකය සහල් පිපිරුම් රෝගයට ප්‍රතිරෝධී වන අතර එහි පත්‍ර පරිණත වීමේදී පහළට හැරීමට නැඹුරු වන බැවින් වල් මර්දනයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

පාරම්පරික වී ප්‍රභේදය: මසුරන්

පෙළපත
ප්‍රභේදයේ නම පෙළපත අනුවමසුරන් 
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයරතු පැහැති දිගටි සහලක්
වගා කිරීමට සුදුසු පළාත්
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවතෙත් කලාපයේ
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)යල සහ මහ

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයයල 3 1/2 , මහ 4 2/1
වැඩුනු ශාකයේ උස120 CM
පත්‍ර කොලපුවේ වර්ණය
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 80
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply