‘‘මසුරන්’’ හැල් වී වර්ගයට අයත් මසුරන් වී පොෂණීය ගුණය අතින් ‘මසුරන් ම’ වේ. තෙත් කලාපයේ වගා කිරීමට සුදුසු රතු සහලක් වන මසුරන් වී, නම කියූ විටද පාරම්පරිකව දේශීය වී වගාකරණ ගොවි මහතුන් මෙහි ඇති ගුණ සමූදාය නිසා මෙය ‘මසුරන්’ ම වේ කියා කියන්නේ කට කොනට සිනාවක්ද නඟමිනි (දයානන්ද ගොවි මහතා ගම්පහ පාරම්පරික දේශීය වී වගා කරන්නන්ගේ සංගමය).
මිනිස් සිරුරේ පවත්නා බොහෝ ලෙඩ රෝග වලට ඖෂධීය ගුණයත් යහපත් සෞඛ්‍යයත් යහ පැවැත්මත් ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වන බැවිනි. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම පාලනය කිරිම සම්බන්ධයෙන් ‘මසුරන් සහලට’ ඇත්තේ ඉතා විශිෂ්ඨ ගුණයකි. අහාර මාර්ගයේ පිළිකා, අමාශයේ පිළිකා, පියයුරු පිළිකා ආදිය මර්දය සඳහා පාරම්පරික මසුරන් සහල් ගුණදායක වේ.