“ඇල්” සහ “හැල්” පෙළපතට අයත් පාරම්පරික මඩතවාලු සහල් වියළි කලාපය, අතරමැදි හා තෙත් කලාපයේ යල සහ මහ කන්න දෙකෙහිම වගා කිරීමට යෝග්‍ය පාරම්පරික රතු සහල් ප්‍රභේදයකි.
බාල මහළු සැමදෙනාගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් , ගර්භණී මව්වරුන්ට ප්‍රජනන ශක්තියට හා මාංශපේශී වර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වේ.දියවැඩියා රෝගීන්ට සහ ඔක්සිකාරක ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට මඩතවාලු සහල් වල පෝෂණීය සහ ඖෂධීය ගුණයන් ලබා ගැනීමේදී නිවුඩ්ඩ සමඟ පරිභෝජනය වැදගත් වේ.