Madathawalu Seed

“ඇල්” සහ “හැල්” පෙළපතට අයත් පාරම්පරික මඩතවාලු සහල්  වියළි කලාපය, අතරමැදි හා තෙත් කලාපයේ යල සහ මහ කන්න දෙකෙහිම වගා කිරීමට යෝග්‍ය පාරම්පරික රතු සහල් ප්‍ර‌භේදයකි.

බාල මහළු සැමදෙනාගේම ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමටත් , ගර්භණී මව්වරුන්ට ප්‍රජනන ශක්තියට හා මාංශපේශී වර්ධනයට බොහෝ සෙයින් ඉවහල් වේ.දියවැඩියා රෝගීන්ට සහ ඔක්සිකාරක ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට මඩතවාලු සහල් වල පෝෂණීය සහ ඖෂධීය ගුණයන් ලබා ගැනීමේදී නිවුඩ්ඩ සමඟ පරිභෝජනය වැදගත් වේ.

මඩතවාලු‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
  2. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  3. ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
  4. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් – ප්‍රජනන හැකියාව වැඩි දියුණු කරයි. ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය වඩාත් ගුණදායක වේ.
  5. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.

‘මඩතවාලු’ වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

පාරම්පරික මඩතවාලු සහල්  වියළි කලාපය, අතරමැදි හා තෙත් කලාපයේ යල සහ මහ කන්න දෙකෙහිමවගා කෙරේ. වි අස්වැන්න අක්කරයකට බුසල් 110 ක් පමණ වන අතර දැනට ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වගා කෙරේ. ශාකය උපරිම උස සෙන්ටිමීටර 130 දක්වා වේ. මෙම බෝගය බීජ සිට මාස 4 ක් ඇතුළත අස්වැන්න ලබා ගත හැක.

පාරම්පරික වී ප්‍රභේදය: මඩතවාලු

පෙළපතහැල්,ඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුව මඩතවාලු
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයරන් පැහැයට හුරු ලා දුඹුරු කුඩා
වගා කිරීමට සුදුසු පළාත්
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවමඩ / රජරට
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)මහ කන්නයේ,ඔක්තෝම්බර් මාසයේ

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලය3 1/2 , 4
වැඩුනු ශාකයේ උස130 CM
පත්‍ර කොලපුවේ වර්ණයලා කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 110
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply