Dik Vee Label

පාරම්පරික “දික් වී හැල්

දික්හැල් ( “ශුකලඃ“: සරාර්ථ සංග්‍රහය ග්‍රන්ථය, “දික් වු හැල් “:යොගාණීවය ග්‍රන්ථය, “දිර්ඝශුක“: චරක සංහිතා ග්‍රන්ථය ) සහ සිංහල ගොවිතැන ග්‍රන්ථයෙහි හින් දික් වී හා මහ දික් වී “හීන්දික්කි” සහ “මහදික්කි” යනුවෙන් “දික් වී” “හැල් “ වී පිළිබඳ සඳහන් වේ.

දික් හැල් වී ප්‍රභේදයන් මෙසේ දැක්විය හැකිය.
දීක් හැල්, හීන් දික් වී, මහ දික් වී, දික් කළු වී, දික් සුදු වී, බාල දික් වී, කළු හීන් දීක් වී

ස්වභාවික සහ කාබනික ව වගා කරන ලද දික් වී සහල් පාරම්පරික හෙළ වෙදකමේ වකුගඩු තුල පවත්නා විෂ නැසීමටත්, රුධිර පීඩනය ,රුධිරය පිරිසිදු කිරීම, නිදන්ගත වකුගඩු රෝග සහ රුධිරයේ විෂ නැසීමටත් බොහෝ සෙයින් ඉවහල් වේ.

“දික් වී”‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. වකුගඩු තුල පවත්නා විෂ නැසීමට සහ රුධිරය පිරිසිදු කිරීම ට උපකාරි වේ.
  2. රුධිරයේ සිනී මට්ටම පාලනය, දියවැඩියාව, ප්‍රතිශක්ය වර්ධනය කිරීම ට උපකාරි වේ.
  3. ආහාර ජීර්ණය වැඩි කිරීමටත් ශරීරයේ බර කළමනාකරණයටත් උපකාරි වේ.
  4. නිදන්ගත රෝග, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම.

‘දික් වී හැල්’ වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

දික් වී යල/මහ කන්නයන් සදහා යෝග්‍ය වන අතර, තෙත් කලාපයේ ප්‍රදේශ අනුව අස්වනු නෙලීමට මාස 4ක් 4 ½ අතර කාලයක් ගත වේ. මෙහි අස්වැන්න ද අක්කරයකට 70-85 ත් වන අතර, ගොයම් ගසේ වැඩීම (උස135-150cm ) අතර, වගා කරන ක්‍රමවේද අනුව මෙය වෙනස් විය හැකිය. මෙහි උපරිම ඵලය ගත හැක්කේ සිංහල ගොවිතැනට අනුව කාබනික පොහොරෙනි.

“හැල් කුඹුරු, හෙල් මළු, අනුබු, ඉරවලු, කන්දැති, කොළවෙලි, දෙනි, පිළැස්ස යන කුඹුරු වර්ගයන්ගේ තෙත් කලාපයේ වගා කිරීමට යෝග්‍ය වේ.

පාරම්පරික වී ප්‍රභේදය: දික් වී

පෙළපතහැල් වී
ප්‍රභේදයේ නම පෙළපත අනුවදික් වී හැල්
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයමධ්‍යම ප්‍රමාණයේ රතු / හීන් දිගටි
වගා කිරීමට සුදුසු පළාත්තෙත් කලාපයේ
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවහැල් කුඹුරු, හෙල් මළු, අනුබු, ඉරවලු, කන්දැති, කොළවෙලි, දෙනි, පිළැස්ස
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)යල සහ මහ

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)15-20KG
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස 4 – 4 1/2
වැඩුනු ශාකයේ උස150 CM
පත්‍ර කොලපුවේ වර්ණය
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 70 – 85
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply