හෙළ වෙදකම, ආයුර්වේදය සහ නවීන පර්යේෂණ අනුව සුදු හීනටි සහල් කැඳවල පෝෂණීය ගුණයන්.
- පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
- දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි, දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
- ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
- අක්මාව / ආමාශගත රෝග / අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම, ආමාශගත රෝග සඳහා සුදුසුය.
කැඳ පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
එක පුද්ගලයෙක් සඳහා සහල් කැඳක් පිළියෙල කිරීමට වට්ටෝරුව. කැඳ සැකසීම සඳහා මැටි මුට්ටියක් භාවිතා කරන්න.
- සුදු හීනටි සහල් 25g,50g
- පොල් කිරි 300ml – 400 ml (මිටි කිරි හෝ දිය කිරි – කැඳ පානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත)
- බැද කුඩු කරගත් අබ ටිකක්
- රස අනුව ලුණු
සුදු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) . හොඳින් තම්බාගත් පසු ඊට පොල් මිටි කිරි හෝ දෙවන කිරි (කැඳ පානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත) අවශ්‍ය පමණ දමා හොඳින් කිරි ඉදෙන තුරු ටික වේලාවක් ළිප මත තබා හැඳි ගාන්න.ඉන්පසු ළිපෙන් බා නිවුණ පසු බැදගත් අබ කුඩු මිශ්‍ර කරගන්න.