හෙළ වෙදකම, ආයුර්වේදය සහ නවීන පර්යේෂණ අනුව කළු හීනටි සහල් කැඳවල පොෂණීය ගුණයන්.
- පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
- දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
- ගර්භනී මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට ගුණදායක වේ. දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත,කුඩා දරුවන්ගේ ශරීරය පෘෂ්ඨිමත්ව පවත්වාගෙන යාමටත් කුඩා ලමුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමට බොහො ඉවහල් වේ.
- මිනිස් සිරුරේ ශරීරයේ ඇති විෂ නැසීම,විෂ ද්‍රව්‍ය විනාශ කිරීම. ශරීරයේ සර්ප විෂ නැසීම සඳහා සුදුසු වේ.
- ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල ඉක්මනින් සුව වීමට උපකාර වේ.
- ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිම.
කැඳ පිළියෙල කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
එක පුද්ගලයෙක් සඳහා සහල් කැඳක් පිළියෙල කිරීමට වට්ටෝරුව. කැඳ සැකසීම සඳහා මැටි මුට්ටියක් භාවිතා කරන්න.
- කළු හීනටි සහල් 25g,50g
- පොල් කිරි 300ml – 400 ml (මිටි කිරි හෝ දිය කිරි – කැඳ පානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත)
- රතු ළුෑනු ගෙඩියක්
- ඉඟුරු පෙත්තක්
- සුදු ලූනු බිකක්
- සූදුරු මහදුරු තේ හැඳි 1 (කබලේ බැද කුඩු කරගත්)
- රස අනුව ලුණු
කළු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) . හොඳින් තම්බාගත් පසු ඊට පොල් මිටි කිරි හෝ දෙවන කිරි (කැඳ පානය කරන්නාගේ ශරීර සෞඛ්‍ය මත) අවශ්‍ය පමණ දමා හොඳින් කිරි ඉදෙන තුරු ටික වේලාවක් ළිප මත තබා හැඳි ගාන්න. ළිපෙන් බා නිවුණු පසු සූදුරු මහදුරු කුඩු එකතු කරන්න. ළිපෙන් බා, නිවුණ පසු හිස් බඩට කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පානය කරන්න.