Sudu Heenati Seed

“හීනටි” කුළයට අයත් සුදු හීනටි යල, මහ කන්නය සඳහා ද වියළි, තෙත් සහ අතරමැදි කලාපයන් හි වගා කිරීමට හැකි රතු සහලකි.
හෙළ වෙදකමේ දී භාවිතා කරන ලද සුදු හීනටි ශරීරයේ විෂ සර්ප විෂ, ප්‍රතිශක්තිය වර්ධනය, දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, සෙංගමාලය, ශරීර දාහය (දැවිල්ල) සදහා අතීතයේ සිට ආහාරයට ගත් සුදු හීනටි සහල් මිනිස් සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි කිරීමට බෙහෙවින් ඉවහල් වන රතු සහලකි.

සුදු හීනටි‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. පිළිකා – පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
  2. දියවැඩියාව – දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  3. කොලෙස්ටරෝල් (LDL) – ශරීරගත අනවශ්‍ය තෙල් / මේදය පාලනය, මේදය ජිර්ණයට, අනවශ්‍ය මේදය එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
  4. ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය – මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ශරිරයේ සමබරතාව පවත්වා, ස්ත්‍රී පුරුෂ දේපාර්ශවයේම ශාරීරික ශක්තිය ප්‍රබල කිරීම හා වර්ධනය කරයි.
  5. අක්මාව / ආමාශගත රෝග – අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
  6. මලබද්ධය, අහාර ජීර්ණය – මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
  7. දැවිල්ල :දාහය / ශරීරය සිසිල් කිරීම – ශරීරය සිසිල් කිරීම, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම, ශරීරයේ උෂ්ණත්වය සමනය කිරිම.
  8. අංශභාග රොගින් හා ස්නායු රෝග – අංශභාග රොගින් සහ ස්නායු රෝග සඳහාත් දිනපතා අහාරයට ගැනීම යොග්‍ය වේ.
  9. මානසික රෝග / ඔක්සිකාරක ආතතියට – ඔක්සිකාරක ආතතියට, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.

වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

වර්තමානයේ සුදු හීනටි ලංකාවේ සෑම ප්‍රදේශයකම බහුලව වගා කෙරේ. සුදු හීනටි සෙන්ටිමීටර 135 ක් උසට වැඩෙන අතර වපුරා මාස 4 ක් ඇතුළත අස්වැන්න ලබා ගත හැක. අක්කරයකට බුසල් 60ත් 80ත් අතර අස්වැන්නක් ලබාගත හැකිය.

පාරම්පරික වී ප්‍රභේදය: සුදු හීනටි

පෙළපතහීනටි
ප්‍රභේදයේ නම පෙළපත අනුව සුදු හීනටි
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයසුදු පැහැති පිදුරු පැහැය
වගා කිරීමට සුදුසු පළාත්සෑම ප්‍රදේශයකම
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවගොඩ,මඩ
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)යල කන්නයේ

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයයල 4, 4 1/2
වැඩුනු ශාකයේ උස135 CM
පත්‍ර කොලපුවේ වර්ණය
සාමාන්‍ය අස්වැන්නඅක්කරයට බුසල් 60-80
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply