Pachchaperumal Seed paddy

‘‘ඇල්’’ වී කුලයට අයත් පච්චපෙරුමාල් රතු සහල් සිරි ලංකාවේ වියළි කලාපයේ යල කන්නය සඳහා වගා කිරීමට යෝග්‍ය වේ. ද්‍රවිඩ භාෂාවට හුරුවක් දක්වන පච්චපෙරුමාල් (ප + ඉච්ච + පෙරුමා + ඇල්), පෙරුමාල් යනු අතීතයේ සිට විෂ්ණු දෙවියන් හදුන්වන එක් නාමයකි. අතීතයේ මෙම සහල් වර්ගය බුදුන් උදෙසාත් , අරිහතුන් උදෙසාත් , ආර්‍යයන් (ආර්‍යයන් යනු පෘතක්ජනභාවය ඉක්මවා නැගිසිටි උත්මන්ය) උදෙසාත් , දෙවිවරු උදෙසාත් ආහාරයන්ට හා දාන මාන උදෙසාත් කැප කර ඇති ඉතා වටිනා පාරම්පරික සහලක් ලෙස ගත හැකිය. තවද මෙම සහලේ රතු පැහැති වර්ණය බුදුන් වහන්සේගේ රැස් වලල්ලට හිමි එක් රතු පැහැයට සමාන බැවින් පච්චපෙරුමාල් සහලේ අර්ථය ‘බුද්ධ වර්ණය’ ලෙස ද වර්තමානයේ අර්ථ කථනය වේ.

තවද එය පසුකාලීනව පච්චපෙරුමාල් – (ප + ඉච්ච + පෙරුමා + ඇල්) ද්‍රවිඩාශ්‍රයෙන් ද එය සිංහල භාෂාවෙන් ‘සියපත් ඇල්’ ලෙස ද නම් කර ඇත. සියපත් යනුවෙන් නෙළුම් මලේ පෙති සියයක් ඇති බැවින් “සියපත් ඇල්” ලෙස අර්ථ කථනය වුව ද විෂ්ණු දේවියන් විසින් බුදුන් වහන්යේ උදෙසා කැප කරන ලද 108 ශක්තින්ගේන් පොෂිත දිව්‍යමය “බුද්ධ බෝගයක්” ලෙස පච්චපෙරුමාල් සහල දැක්විය හැක.

පච්චපෙරුමාල් ඇල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. දියවැඩියා රොගින්, පිළිකා රොගීන්, වසංගත රෝගයන් පාලනය කරයි.
  2. හෘද රෝග, හෘද සෞඛය, අධික රුධිර පීඩනය රෝගයන් පාලනය කරයි.
  3. ඉන්සියුලින් නිෂ්පාදය වැඩි කිරිම, තුවාල සුව කිරීම, ශරීරයේ විෂ නැසීම.
  4. ශරීර දාහය (දැවිල්ල), ශරීර ශක්තිය යථා තත්වයට පත් කිරීම, බර කළමණාකරය, ශරීරය සිසිල් කිරීම
  5. ආතරස්යිටිස් හා ඇදුම රොගින් සඳහා
  6. ශරීරයේ තයිරොක්සින් නිෂ්පාදය අඩු කිරීම
  7. මලබද්ධය, අහාර ජීර්ණය, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම, ශරිරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි
  8. ශරීර ගත මේදය පාලනය, මේදය ජිර්ණයට, එල් ඩි එල් කොලෙස්ටරොල් අඩු කරයි.
  9. වකුගඩු රොගීන් සඳහා, මුත්‍රා අසාදන වැළැක්වීම, මුත්‍රා සමඟ පෝෂක කොටස් පිටවීම පාලනය කරයි.

පච්චපෙරුමාල්‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

වියළි කළාපයේ වගා කිරිමට සුදුසු වන අතර පාරම්පරික පච්චපෙරුමාල් වී ප්‍රභේදයේ උස 105 -120 ත් වන අතර මාස 3 1/2කින් පමණ අස්වැන්න නෙළා ගත හැකි වේ. අක්කරයට බුසල් 60-70ක් අස්වැන්න ලබා ගත හැක.

පාරම්පරික වී ප්‍රභේදය: පච්චපෙරුමාල් 

පෙළපතඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුවපච්චපෙරුමාල්
සහලේ වර්ණයරතු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයඅතර මැදි කෙටි
වගා කිරීමට සුදුසු පළාත්වියළි කළාපය
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවතැනිතලා
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)යල

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස 3 1/2
වැඩුනු ශාකයේ උස120.0 Cm
පත්‍ර කොලපුවේ වර්ණයකොළ
සාමාන්‍ය අස්වැන්නහෙක්ටයාරයකට ටොන් 6.1
වී බුසලක හෝ කුරණියක බර-බුසලක බර 21.3kg – 21.7kg
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)-74%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)-70.70%

Leave a Reply