‘හීනටි’ වර්ගයට අයත් ‘කළු හීනටි’ රතු සහලක් වන අතර ‘කළු හීනටි’ ශරීරගත විෂ/සර්ප විෂ සඳහා හෙළ වෙදකමේ භාවිතා වන විශේෂ පාරම්පරික වී වර්ගයකි. ‘කළු හීනටි’ තුල පවතින ස්වභාවික පෝෂ්‍ය ගුණයන් මිනිස් සිරුරේ හට ගන්නා බොහෝ ලෙඩ සුව කරන අතර, මෙය ශ්‍රී ලංකාවේ පිනට පහළ වු ස්වාභාව ධර්මයා විසින් දායාද කරන ලද බුද්ධ භෝගයකි.

කළු හීනටි සහල් ආහාරයන්, Order Online!
‘කළු හීනටි‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- ආහාර දිරවීම පහසු කිරීම, මල බද්ධය, කය සිසිල් කිරීම, සම නිරෝගී කිරීම, ආයු වර්ධනය සහ තරබාරුව පාලනය කිරීම ට උපකාරි වේ.
- දියවැඩියාව (රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම). මධුමේහය / දියවැඩියාව සුව කිරීම සදහා බෙහෙවින් උපකාරි වේ.
- පිළිකා මර්දනය කිරීම, ශරීරගත විෂ/ සර්ප විෂ, ලේ විෂ වීම් පාලනය කිරීම ට බෙහෙවින් උපකාරි වේ.
- ශරීරගත අනවශ්‍ය තෙල්, කොලෙස්ටරෝල්, ස්ථූලභාවය, අධික රුධිර පීඩනය පාලනය සඳහා ‘කළු හීනටි’ සහල් බෙහෙවින් උපකාරි වේ.
- සෙංගමාලය, ආමාශගත රෝග සඳහා ද කැඳ වශයෙන් පාරම්පරික හෙළ වෙදකමේ භාවිතා වේ.
- ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයේම ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය ප්‍රබල කිරීමටත් , පුරුෂ ලිංගික ශක්තිය වැඩි දියුණු වීමටත් උපකාරි වේ.
- ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත.
ශ්‍රී ලංකාවේ පාරම්පරික ‘හීනටි’ වී වර්ගයන් මෙසේ දැක්විය හැකිය.
හීනැටි, රතු හීනටි, සුදු හීනටි, කළු හීනටි, ගම්බොඩ හීනැටි, බඩ හීනැටි, ගොඩ හීනටි, පොඩි හීනැටි 'හීනටි' යන අර්ථය මෙසේ දැක්විය හැකිය. හීනටි හී+නැටි (හීනටි, හීං නැට්ට සහිත - හී යනු හීය, ඊතලය) හිඞ+න+අට්ට, හින්+න+අට්ට (නැට්ට ) , හී (හීය, ඊය )
‘කළු හීනටි’ වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක
‘කළු හීනටි’ ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන්ම තෙත් කලාපයේ ද යල/මහ කන්න දෙකෙහිම වගා කළ හැකි අතර, අස්වනු නෙලීම සඳහා මාස 3 1/2 ගතවෙන අතර, තෙත් කලාපයේ මාස 4 දක්වා දිර්ඝ විය හැක.
මතුපිට ස්වභාවය
වියළි කලාපයේ වී පොත්තෙහි මතුපිට ස්වභාවය කළු පැහැයකින් හා දුඹුරු පැහැයකින් එකම කරලේ හට ගන්නා අතර, තෙත් කලාපයේ සෑම වී බිජයකම තද කළු ස්වභාවයක් හා බීජ වල බර ද වියළි කලාපයට වඩා වැඩි වේ. එයට හේතුව වශයෙන් ගත හැක්කේ තෙත් කලාපයේ පවතින දේශගුණයත් වී වගා කිරිම සඳහා “කන්දැති කුඹුරු” කඳු පාවුල ඇති කුඹුරු, හෙල් මලු කුඹුරු සහ ස්වභාවික ජල උල්පත්, ස්වාහාවික පොහොර ආදියෙන් ගොවිතැන් කිරිම නිසා විය හැකිය.
පාරම්පරික වී ප්‍රභේදය: කළු හීනටි
පෙළපත | හීනටි |
ප්‍රභේදයේ නම පෙළපත අනුව | කළු හීනටි |
සහලේ වර්ණය | රතු |
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණය | එකම කරලේ කළු සහ දුඹුරු පැහැයකින් |
වගා කිරීමට සුදුසු පළාත් | වියළි කලාපයේ හා තෙත් කලාපයේ |
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුව | ගොඩ, මඩ, හේන්, හෙල්මලු, කන්දැති කුඹුරු |
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද) | යල, මහ සහ මැද කන්නයන් |
වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග
අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg) | |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | මාස 3 1/2 |
වැඩුනු ශාකයේ උස | 120 CM |
පත්‍ර කොලපුවේ වර්ණය | කොළ |
සාමාන්‍ය අස්වැන්න | අක්කරයට බුසල් 45-65 |
වී බුසලක හෝ කුරණියක බර | – |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | – |
පාරම්පරික වී ගොවිතැන
පාරම්පරික වී ගොයමේ සතුරන්, රෝග සහ අතීතයේ පැවති කෙම් විදි
- අං ඇදීම – දෙවියන් ඇතැයි සම්මත ගසක් හෝ තැනකට ගොස් දෙවර්දිය (දේවාරාධනය)කොට ගම්මුන් සහ කපුවන් එකතුව සභාවක් පවත්වා, නියමකර ගත් දිනයෙහි ආ ඇදීම ආරම්භ කෙරෙති. පළමුකොට කතිරයක් සේ සිටින හැටිට දණ්ඩියම් (කොට) දෙකක් සිටුවති. එයට “හෙනකඳ ” යයි කියත්.
- කුක්ක දානේ – ශෂ්‍ය ඵල ප්‍රාර්ථනා කොට රුහුණේ දෙන දනකි මේ. හාල් කිරි මෙහි ප්රමුඛ ස්ථානය ගනී.
- කෙම්පැලලි දැමීම – ගොක්කොළ වලින් ව්යාගත් සැලැලි විශේෂයක් කුඹුරේ එල්ලීම කෙම් පැලැලි දැමීම නම්. කුඹුර වටා ගොක්කොළ ඇදීම
- ගම්මඩු නැටීම – වෙල මැද කතක මඩුවක් සාදා දෙවියන්ට පුද පඬුරු කැපකොට ඔවුන්ගෙන් ශෂ්‍ය වර්ධනයක් ආයුරාරෝග්‍ය සැපයක් ඉල්ලීම මේ නැටීමේ අදහස වන්නේය. එහි නටන්නෝ “ගීගන රාළවරුය ” නැටුමේ අවසානයෙහි විශාල දානයෙකි.
- ගොප්මං ඇදීම – කෙතට වන සතුන් වඳින පාර බලා ඒ පාරේ ගොප් රැහැන් ඇදීමට මේ නම්. හෙද ඉතා පැරැණි ක්‍රමයක් බව ජාතක පාළියෙන් දත හැකිය.
- ගොයම්කනු ගැසීම – සිය කුඹුරට විපත්වන් විට ගොවියා ගීග තරාළ (ගී ගයන රාළ) කරා ගොස් තොරතුර කියා සිටී. ගීගනරාළ යාගය කළ යුතු දිනත් එයට උවමනා උපකරණත් දන්වයි.
- තැටියෙ ගැසීම – මෙයත් අනුරාධපුර පළාතේ කරන කෙමි ක්රමයකි. ප්‍රමාණවත් ලෝකඩ තැටියක් ගෙන එය ගසමින් කුඹුරට සෙත් පැතීම තැටියේ ගැසීම නම් තැටියට ගසන්නේ කයිල කෝටුවෙනි.
- දෙවොල් නැටීම – මේ නැටුම නටන්නෝ කපුවෝය. පූර්ව කෘත්‍යයන් නිමවා මධ්‍යම යාමයෙහි පමණ නැටුම් අරඹති. කපුවෝ නැටීමෙහි අදක්ෂයෝය. “හිත බඹුරා නැටීම ” පමණක් හාස්‍ය රසය ගෙන දෙයි.
- නවනිල්ල – කට්ටඩියෙක් මද්දහන වේලාවක ජීවන් කළ නිල් කොළ අතු නවයක්ද, ගොක් කොළ, වෙලූ උණ දඬු නවයක්ද, නවරි කෙසෙල් කොළ එකක්ද ගෙන ගොස් එයින් එකක් හේන හෝ කුඹුර මධ්‍යයෙහිද, ඉතිරිවා සුදුසු තන්හිද හිටවයි.
- පස්කිරි වත්කිරීම – රුක්කත්තන, කඳුරු, දෙල්, කොස්. පොල් යන පස් කිරද, ගොක් කොළ නවය බැගින් බැඳි උණගස් නවයක්ද, තැඹිලි ගෙඩියක්ද, වී කරලක්ද, යන මේ උපකරණ පස් කිරී වත් කිරීමේදී උවමනා කෙරෙයි.
- පැවිඉරට දෙන දානය – මෙය වැඩි වශයෙන් ඉර පායා ගෙන එනවිට දෙන හෙයින් තාමය අන්වර්ථ වේ. ආහාර වර්ග ඉහත කී දෙදානයේ මෙනි.
- පොල් ගැසීම – අං ඇදීම විස්තර කළ තැන කීවාක් මෙන්ම ප්‍රථමයෙන් දෙවර්ගයද, දෙවනුව ගැමියන්ගේ සබාව ද තෙවනුව උපකරණ සමපාදනයද, කොට සිව්වෙනුව පොල්පිටිය අරඹති. එහිත් උඩුපිලය, යටිපිල යයි දෙපිලකි.
- මඩදානෙ – ගොයම හොඳට වැඩි ඵල දායක වනු පිණිස ම් දානය දෙනු ලැබේ. ගොයමින් නියරවල් වැසී යන. වකවානුව මඩදානය දීමට සුදුසු කාලයක් සේ සලකති. කොත්මලේ පළාතේ මැස්සන් එලවනු සඳහා යන්ත්‍ර විශේෂයක් යොදන බවත් එය “දිය හොල්මන ” නමින් හැඳින්වෙන බවත් ඇසීමු.

Gemunu Amarasinghe, founder of Dangaray Food, is passionate about authentic flavors. He blends tradition and innovation to deliver high-quality, sustainable Traditional culinary products.