Kahamala Seed

වියළි කලාපය හා අතරමැදි කලාපයේ මහ කන්නය වගා කිරීමට සුදුසු කහමාල සහල් “ඇල් වී” පෙළපතට අයත් ඇත්දල සුදු පැහැයට හුරු (ක්‍රීම් පාට) සහලකි. නිදන්ගත රෝග, ආමාශ රෝග හා ආහාර ජීර්ණය සඳහා බෙහෙවින් ඉවහල් වන ශක්තිජනක රසවත් සහලක් ලෙස කහමාල දැක්විය හැකිය.
කිරි ආහාර, කිරිබත්, රසකැවිලි, කැඳ සහ දිනපතා ආහාරයට ගැනීම සඳහා ඉතා රසවත්ව පිසගත හැකි කහමාල සහල්, ශරීරයේ බොහෝ ලෙඩ රෝග සඳහා සුදුසු පාරම්පරික සහල් ප්‍ර‌භේදයක් ලෙස දැක්විය හැකිය.

කහමාල‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්

  1. පිළිකා මර්දනය කිරීම, පිළිකා නැසීමේ ඖෂධීය ගුණය, පිළිකා ඇති කරන කාරක ශරීරයෙන් ඉවත් කරයි, පිළිකා රොගීන් සඳහා නිර්දේශ කර ඇත.
  2. දියවැඩියාව නොහොත් මධුමේහය සුව කිරීම, දියවැඩියාව පාලනය කරයි. දියවැඩියා රොගින් සඳහා නිර්දේශ කර ඇත.
  3. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම, රුධිරයේ ග්ලූකෝස් මට්ටම සෙමින් ඉහළ නංවයි
    අධික රුධිර පීඩනය පාලනය කරයි, හෘද රෝග, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය, රුධිර සංසරණය වැඩි දියුණු කිරීම.
  4. අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරයි, සිරෝසිස් රෝගය සඳහා සුදුසුය. සෙංගමාලය / හෙපටයිටිස් වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී එහි සැලකිය යුතු ඖෂධීය ගුණ හෙළි කර ඇත. අක්මා එන්සයිම සක්‍රීය කිරීම. ආමාශගත රෝග සඳහා සුදුසුය.
  5. මලබද්ධය, අහාර ජිර්ණය පහසු කිරීම, අහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කිරිම.
    නිදන්ගත රෝග සඳහා සුදුසු වේ.
  6. ආතරස්යිටිස් සහ සන්ධි රෝග පාලනය කරයි
  7. ඔක්සිකාරක ආතතියට, ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය.
  8. පිත්තාෂයේ සෞඛ්‍යය පවත්වා ගැනීම, ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි, පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වා පිත්තාශයේ සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා සුදුසු වේ.
  9. අස්ථි පද්ධතියට මහත් ගුණදායක වේ. හන්දි රෝග සඳහා ද, කාටිලේජවල කැල්සියම් ඉවත්වීම වළකයි, ඇට මිදුළු වල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි.

කහමාල‘වී වගාකිරීම සඳහා බලපාන පාරිසරික සාධක

යල සහ මහ කන්න දෙකෙහිම වියළි කලාපයේ මෙන්ම අතර මැදි කළාපයේත් වගාකිරිම සුදුසු වේ. අස්වැන්න නෙළීම සඳහා මාස 4 සිට 4 1/2 දක්වා ගතවේ. කහමාල වැඩිමල් වී ප්‍රභේදයක් වන අතර අක්කරයකට බුසල් 40 – 50 ත් අතර ප්‍රමාණයක් අස්වනු ලබා ගත හැකි වේ.

පාරම්පරික වී ප්‍රභේදය: කහමාල  

පෙළපතඇල්
ප්‍රභේදයේ නම පෙළපත අනුවකහමාල
සහලේ වර්ණයසුදු / ක්‍රීම් ඇත් දල සුදු
ධාන්‍යයේ හැඩය සහ මතුපිට පොත්තෙහි වර්ණයතද කහ පැහැයට හුරු
වගා කිරීමට සුදුසු පළාත්වියළි කළාපය
සුදුසු කුඹුරු වර්ගයෝ පළාත් අනුවමඩ / ගොඩ / ජලය සහිත තෙත් / වියළි කළාපය
වගාකිරිමට සුදුසු කන්නය සහ මාස (යල, මහ සහ මැද)යල / මහා

වැපිරිම, අස්වනු නෙලීම සහ ධාන්‍යය වල ගුණාංග

අක්කරයක් සඳහා වැපිරිමට සුදුසු විත්තර වී (බිත්තර වී) ප්‍රමාණය (බුසල්, කුරණි, Kg)
අස්වනු නෙලීමට ගතවෙන කාලයමාස 4 – 4 1/2
වැඩුනු ශාකයේ උස
පත්‍ර කොලපුවේ වර්ණයතද කොළ
සාමාන්‍ය අස්වැන්නඅක්කරයකට වී 1500kg-2000kg
වී බුසලක හෝ කුරණියක බර
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව)
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)

Leave a Reply