පාරම්පරික “දික් වී හැල්”
දික්හැල් ( “ශුකලඃ“: සරාර්ථ සංග්රහය ග්රන්ථය, “දික් වු හැල් “:යොගාණීවය ග්රන්ථය, “දිර්ඝශුක“: චරක සංහිතා ග්රන්ථය ) සහ සිංහල ගොවිතැන ග්රන්ථයෙහි හින් දික් වී හා මහ දික් වී “හීන්දික්කි” සහ “මහදික්කි” යනුවෙන් “දික් වී” “හැල් “ වී පිළිබඳ සඳහන් වේ.
දික් හැල් වී ප්රභේදයන් මෙසේ දැක්විය හැකිය. දීක් හැල්, හීන් දික් වී, මහ දික් වී, දික් කළු වී, දික් සුදු වී, බාල දික් වී, කළු හීන් දීක් වී
ස්වභාවික සහ කාබනික ව වගා කරන ලද දික් වී සහල් පාරම්පරික හෙළ වෙදකමේ වකුගඩු තුල පවත්නා විෂ නැසීමටත්, රුධිර පීඩනය ,රුධිරය පිරිසිදු කිරීම, නිදන්ගත වකුගඩු රෝග සහ රුධිරයේ විෂ නැසීමටත් බොහෝ සෙයින් ඉවහල් වේ.
‘“දික් වී”‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- වකුගඩු තුල පවත්නා විෂ නැසීමට සහ රුධිරය පිරිසිදු කිරීම ට උපකාරි වේ.
- රුධිරයේ සිනී මට්ටම පාලනය, දියවැඩියාව, ප්රතිශක්ය වර්ධනය කිරීම ට උපකාරි වේ.
- ආහාර ජීර්ණය වැඩි කිරීමටත් ශරීරයේ බර කළමනාකරණයටත් උපකාරි වේ.
- නිදන්ගත රෝග, ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ දැවිල්ල (දාහය) පාලනය කිරිම.