‘හීනටි’ වර්ගයට අයත් ‘කළු හීනටි’ රතු සහලක් වන අතර ‘කළු හීනටි’ ශරීරගත විෂ/සර්ප විෂ සඳහා හෙළ වෙදකමේ භාවිතා වන විශේෂ පාරම්පරික වී වර්ගයකි. ‘කළු හීනටි’ තුල පවතින ස්වභාවික පෝෂ්‍ය ගුණයන් මිනිස් සිරුරේ හට ගන්නා බොහෝ ලෙඩ සුව කරන අතර, මෙය ශ්‍රී ලංකාවේ පිනට පහළ වු ස්වාභාව ධර්මයා විසින් දායාද කරන ලද බුද්ධ භෝගයකි.
‘කළු හීනටි‘ සහල් දිනපතා අහාරයට ගැනීමේ වැදගත්කම සහ එහි පෝෂණීය ගුණයන්
- ආහාර දිරවීම පහසු කිරීම, මල බද්ධය, කය සිසිල් කිරීම, සම නිරෝගී කිරීම, ආයු වර්ධනය සහ තරබාරුව පාලනය කිරීම ට උපකාරි වේ.
- දියවැඩියාව (රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම). මධුමේහය / දියවැඩියාව සුව කිරීම සදහා බෙහෙවින් උපකාරි වේ.
- පිළිකා මර්දනය කිරීම, ශරීරගත විෂ/ සර්ප විෂ, ලේ විෂ වීම් පාලනය කිරීම ට බෙහෙවින් උපකාරි වේ.
- ශරීරගත අනවශ්‍ය තෙල්, කොලෙස්ටරෝල්, ස්ථූලභාවය, අධික රුධිර පීඩනය පාලනය සඳහා ‘කළු හීනටි’ සහල් බෙහෙවින් උපකාරි වේ.
- සෙංගමාලය, ආමාශගත රෝග සඳහා ද කැඳ වශයෙන් පාරම්පරික හෙළ වෙදකමේ භාවිතා වේ.
- ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයේම ප්‍රතිශක්තිය හා ශාරීරික ශක්තිය ප්‍රබල කිරීමටත් , පුරුෂ ලිංගික ශක්තිය වැඩි දියුණු වීමටත් උපකාරි වේ.
- ගර්භණී සහ කිරිදෙන මව්වරුන් , දරුවන් සඳහාත් කැඳ හා බත් වශයෙන් දිනපතා පරිභෝජනය නිර්දේශ කර ඇත.