ගොයමට සතුරුකම් කරන්නෝ බොහෝය. සතුන්ගේ සහ වැස්සේ අඩුවැඩිකම කම එයින් පුමුඛස්ථානය ගනී. සමහර පළාත්හි කොක්කනා නමිනුත් හැඳින්වෙන ගොඩවෙල්ලා වනාහි ගොයම් පැළේ පරම සතුරෙකි. සාමාන්‍යෙන් ඌ ඇතිවන්නේ ඉල්මහ කලුවරටය. ගොයම් පැළ පමණක් නොව කුඹුරේ තිබෙන සියලුම පැළෑටි වර්ග මුල් පිස කා දමනු ඌගේ සිරිති. ගොඩවෙල්ලාගෙන් අනතුරු ලත් කුඹුර

උදුගොව්වා බෝවුන ඔළුවක් සේ හිස්වන්නේය. ඌ සමහර කාලයන්හි ගොඩටද වැදෙයි. එවිට විශේෂයෙන් කැප්පිටියා ගස්වල පොතුත් නොතබා කා දමයි. කෙත ගොඩ වෙල්ලාගෙන් රැක ගත්තත් කුඩුකේඩු, කුඩු මැටිය ආදියෙනුත් නොයෙක් විපත් ඉදිරිපත් විය හැකිය. එවිට ” නිද්දානය ” කළ යුතු බව කසීභාරවාජ සූතයෙහි කියන ලදී.

වල් පැලෑටි නෙලා දැමීම නිද්දානය නමි. ඇල්කෙතක නම් මේ නෙලීමට ” නෙලූම් ඇල්ලීම” යයි කියත්. ඇස්වහ කටවහ හෝවහ ආදියෙනුත් කුඹුරු ලෙඩ වන බැව් ගොවියෝ කියති. මේ සියල්ලට භාවිත කරන කෙම් කමුත් ඔවුන් අතර ඇත්තේය. එයින් සමහර ඒවා නිරර්ථක වුවද පාරම්පරික සිරිත් හැටියට වත්මන් ගොවියාද කියාවෙහි යොදන බැව් පෙනේ. වී ඇටේ කිරි පිරෙන කාලයෙහි එයට මැස්සා ඇබ්බැහිවී ඒ කිරි උරා බොයි. එයින් කුඹුරට ” සෙතට්ඨිකා ” නම් රෝගය වැළඳෙයි. මුළු කුඹුරේ ගොයම් කරල් සුදුව හුලඟින් වැනෙනු. ඒ රෝගයෙන් පීඩිත වූ කුඹුරෙහි ලක්ෂණය වන්නේය. කෙතට මෙවැනි රෝගයක් වැළඳුන විට සිදුකරන කෙමි විධි අතුරෙන් අප දන්නා කීපයක් මෙතැන් සිට දක්වනු ලැබේ.

  • අං ඇදීම – දෙවියන් ඇතැයි සම්මත ගසක් හෝ තැනකට ගොස් දෙවර් දිය (දේවාරාධනය) කොට ගම්මුන් සහ කපුවන් එකතුව සභාවක් පවත්වා, නියමකර ගත් දිනයෙහි අං ඇදීම ආරම්භ කෙරෙති. පළමු කොට කතිරයක් සේ සිටින හැටිට දණ්ඩියම් (කොට) දෙකක් සිටුවති. එයට “හෙනකඳ ” යයි කියත්. එකට ඇවිලිය හැකි සේ නැමී ගිය අතු ඇති අං දෙකක් හෙන කඳ දෙකේ බඳිති. බඳින්නේ අතේ මුල සිට කඳට හේත්තු වන සේය. මෙසේ හොඳින් තිරිංග දමා අං බැන්ද ඉක්බිති හෙන කඳ දෙක එකිනෙකට ළං කොට අං අවුලුවනු ලැබේ. ඉක්බිති හෙන කඳ දෙකේ ලනු දමා දෙදිසාවට වලි කියමින් අදිත් යම් පිලකට අයත් අග කැඩී ගියේ නම් ඒ පිල පරාජය වූයේ වෙයි. අං ඇදීමේදී දෙවියන් යැදීමාදී ත්‍රෝත්‍රකරන්නා “හැන්නදිරාල” නමින් හැඳින්වේ. අපේ කාලය වන විට අං ඇදීම නැවතී තිබුනේය. අං ඇදීමේ විස්තර ඉතා බෙහෙවි. ග්‍රන්ථ බාහුල්‍ය භීතිය නිසා ඒවා නොදැක්වේ.
  • කුක්ක දානෙ – ශෂ්‍ය ඵල ප්‍රාර්ථනා කොට රුහුණේ දෙන දනකි මේ. හාල් කිරි මෙහි ප්‍රමුඛ ස්ථානය ගනී. මෙයට කාල නියමයක් ඇති බවක් නොදනිමු. නාමයෙන් පෙනෙන්නේ බල්ලන්ට දෙන දනක් බවය. කන්නාහු නම් බල්ලන්ට වඩා මිනිස්සුය. පෙරදී මේ දානයෙහි ප්‍රධාන ප්‍රතිග්‍රාහකයා වන් ඇත්තේ කුක්කා යයි සිතේ.
  • කෙම්පැලලි දැමීම – ගොක් කොළවලින් යාගත් පැලැලි විශේෂයක් කුඹුරේ එල්ලීම කෙම් පැලැලි දැමීම නමි. කුඹුර වටා ගොක්කොළ ඇදීම ඉතා පැරැණි සිරිතක් බැව් ජාතක පාළියෙන් පෙනේ. පඹයන් බැඳීමත් වන සතුන්ගෙන් කෙත රැකීමට ඉතා ප්‍රයෝජනවත්ය.
  • ගම්මඩු නැටීම – වෙල මැද කමතක මඩුවක් සාදා දෙවියන්ට පුද පඬුරු කැපකොට ඔවුන්ගෙන් ශෂ්‍ය වර්ධනයක් ආයුරාරෝග්‍ය සැපයත් ඉල්ලීම මේ නැටීමේ අදහස වන්නේය. එහි නටන්නෝ “ගීගන රාළවරුය” නැටුමේ අවසානයෙහි විශාල දානයෙකි.
  • ගොප්මං ඇදීම – කෙතට වන සතුන් වදින පාර බලා ඒ පාරේ ගොප් රැහැන් ඇදීමට මේ නමි. හෙද ඉතා පැරැණි ක්‍රමයක් බව ජාතක පාළියෙන් දත හැකිය.
  • ගොයම්කනු ගැසීම – සිය කුඹුරට විපත් වන් විට ගොවියා ගීගන රාළ (ගී ගයන රාළ) කරා ගොස් තොරතුර කියා සිටී. ගීගන රාළ යාගය කළ යුතු දිනත් එයට උවමනා උපකරණත් දන්වයි. ගොවියා උපකරණ සපයා සුදුසු තැනෙක මල් පැලකුත් සාදා තබයි. ගීගන රාළ පත්තිනි දෙවියන්ගේ සළඹත් රැගෙන වුත් එය කහ දියරෙන් සෝදාගෙන සොලවමින් යාතිකාව අරඹයි. තාලානුකූලව ඔහුගේ මුවින් නික්මෙන යාතිකාවක් මෙසේය. “තෙදවරන් පස්වාන් දහසකට සාදු සාදු සිට වැන්දේන්, හිඳ වැන්දේත්, දස වැන්දේන, දාස් වැන්දේන් දොහොත් මුදුන් තබා වැන්දේන්, හුරු අත් නුහුරුකර වැන්දේත්, නුහුරු අත් හුරුකර වැන්දේ……… . බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර, සමන්, බොක්සැල්, කතරගම, විබිස…. සිද්ද පත්තිති දෙවදෙව ස්වාමීනි මෙගම් පැලැස්සට වඩා වැඩුණු ළපැටි ගොයමට මැසි මදුරු පණු ගොඩවෙලු ආදීන්ගෙන් පැමිණි උවදුරු අළපත දිය මෙන් විගත විද්ධවංසනය කොට රැක දෙත්වා.”මෙසේ යාතිකා කොට කුඹුරට සෙත් වඩා කෝටු කෑලි කීපයක් ගොවියා අතට දෙයි. ගීගනරාළ, ගොවියා ඒවා ගෙන ගොස් කුඹුරේ සුදුසු සේ සිටුවා ලයි. මෙය ගොයම් කණු ගැසීම නම්. මේ සෙත් සාන්තිය පිණිස ගීගන රාළට අලුපුහුල් ව්‍යජනය ප්‍රමුඛ නිරමාංශාභාරයත් ගෙදර ගෙන යන්නට කදකුත් ලැබේ. කඳ වනාහි වී කුරුණි එකක් හෝ දෙකක්, පොල් ගෙඩි දෙකක් සාමාන්‍යයෙන් තුන් ඇවරියක් ඇති රට හොරනවාලු කෙසෙල් කැණක්, අලු පුහුල් ගෙඩියක් හෝ බෑයක් යන මෙතෙක් දැයින් යුක්ත වන්නේය. ලියද්ද වටේ දළුක් පලු එල්ලීමද කෙමකි. ලියද්දේ සිව් කොනේ කුරු හතරක් හිටුවා ඒවා උඩ වතුර ඉස්ස මුං ඇට දමා තබති. මුං ඇට පැළවූ විට මැසි උවදුර නැතිවේය යනු ඔවුන්ගේ අදහසයි.
  • තැටියෙ ගැසීම – මෙයත් අනුරාධපුර පළාතේ කරන කෙම් ක්‍රමයකි. ප්‍රමාණවත් ලෝකඩ තැටියක් ගෙන එය ගසමින් කුඹුරට සෙත් පැතීම තැටියේ ගැසීම නම් තැටියට ගසන්නේ කයිල කෝටුවෙනි.
  • දෙවොල් නැටීම – මේ නැටුම නටන්නෝ කපුවෝය. පූර් ව කෘත්‍යයන් නිමවා මධ්‍යම යාමයෙහි පමණ නැටුම් අරඹති. කපුවෝ නැටීමෙහි අදක්ෂයෝය. “හිත බඹුරා නැටීම ” පමණක් හාස්‍ය රසය ගෙන දෙයි. එළිවන ජාමයෙහි කිරි ඉතිරීම ආදිය කොට තොයිලය අවසන් කෙරෙනි. පැමිණි කාටත් අලුපුහුල් ඇඹුලත් සමග දානය ලැබේ.
  • නවනිල්ල – කට්ටඩියෙක් මද්දහන වේලාවක ජීවන් කළ නිල් කොළ අතු නවයක්ද, ගොක් කොළ, වෙලු උණ දඬු නවයක්ද, නවරි කෙසෙල් කොළ එකක්ද ගෙන ගොස් එයින් එකක් හේන හෝ කුඹුර මධ්‍යයෙහිද, ඉතිරිවා සුදුසු තන්හිද සිටවයි. ඇල්කේන් වලට අලකොළ රෝගය වැළඳුන විට මේ කෙම වැඩි වශයෙන් සිදු කෙරෙත්. ඇල් කෙතට වතුර වැඩිවීමෙන් ගොයම් මැරී යාම අළ කොළ රෝගය නම්. නවනිල්ලෙහිත් ගොයම් කණු ගැසීමෙහිත් සැලකිය යුතු සම්බන්ධයක් තිබේ. නිල් කොළ අතු නවය නිමිති කොට නාමය ඇති වූ සේ පෙනේ.
  • පස්කිරි වත්කිරීම – රුක්කත්තන, කඳුරු, දෙල්, කොස්, පොල් යන පස් කිරද. ගොක් කොළ නවය බැගින් බැඳි උණගස් නවයක්ද, තැඹිලි ගෙඩියක්ද, වී කරලක්ද, යන මේ උපකරණ පස්කිරී වත් කිරීමේදී උවමනා කෙරෙයි. පළමුවලා ඇල්කෙත මධ්‍යයෙහි උණ ගසක් සිටුවා ඒ වටා සිටින සේ සෙසු උණ ගස් අටද සිටුවනු ලැබේ. ඉක්බිති පහටියෙන් කපාගත් තැඹිලි ගෙඩියට කෙතින් කඩාගත් ගොයම් කරලකුත් සමග ඉහත කී පස්කිරි වත්කොට තැඹිලි ගෙඩිය, මැද උණගසේ ගසන්. මේ පස්කිරි වත්කරන සැටිය.
  • පැවිඉරට දෙන දානය – මෙය වැඩි වශයෙන් ඉර පායා ගෙන එන විට දෙන හෙයින් නාමය අන්වර් ථ වේ. ආහාර වර් ග ඉහත කී දෙදානයේ මෙනි. පුරාණයේ පැවැති තවග්ග සස්සදාන, පඤ්චවග්ග සස්සදාන යන දානයන් සමග මෙහි ඇති සම්බන්ධයක් නොපෙනෙතත් මේවාද හින්දු ශිෂ්ටාචාරයේ අවයව විය හැකිය.
  • පොල් ගැසීම – අං ඇදීම විස්තර කළ තැන කීවාක් මෙන්ම ප්‍රථමයෙන් දෙවර් ගයද, දෙවනුව ගැමියන්ගේ සබාව ද තෙවනුව උපකරණ සමපාදනයද, කොට සිව්වෙනුව පොල්පිටිය අරඹති. එහින් උඩුපිලය, යටිපිලයයි දෙපිලකි. ඒ දෙපිලේ ප්‍රධානයෝ වට්ටඩියෝ නම්ය. ගසන සහ යවන පොල් ” පොරපොල්” නම් වෙති. පොල් ගසා හවස පෙරහැර යනු සිරිති. ගැමියෝ එයට “පේලියෑම” යයි කියති. පෙරහැරේදී කියන “අපි දිනුවෝ හෝය්යා. අපි දිනුවෝ හෝය්යා” යන ජය ඝෝෂයෙන් මුළු පෙදෙස එකනින් නාද වන්නේය. මේ පෙරහැරේ ආත්ත මුත්ත කෝලම නොවරදී. ගැමියන්ගේ සියලු විනෝදය රඳා තිබෙන්නේ මේ කෝලමෙහි යයි සිතේ. ආත්ත උදුරාගෙන යනවිට මුත්තාට ඇතිවන ශෝකය ගල් සිතක් පවා මෘදු කෙරෙයි. කොතරම් නියඟ සමයෙකදී වුවත් පේළි යන විට වැස්ස වසිනු නිරනුමානය. මේ කාලයෙහි මෙබඳු දේ මිථ්‍යා ව්‍යාපාරයනැ ගර් හාවට පාත්‍ර වුවත් අතීත ගොවියා එයින් බලාපොරොත්තු වූ අර් ථය ඔහුට සැපයුනේය. අටවන දිනයෙහි පත්තිනි දෙවියන් නමට දානය දී පොල් ගැසීම හමාර කෙරෙති. නිදහස් ලංකාව මේ ජාතික දෙයට රුකුල් දිය යුතුය.
  • මඩදානෙ – ගොයම හොඳට වැඩි ඵල දායක වනු පිණිස මේ දානය දෙනු ලැබේ. ගොයමින් නියරවල් වැසී යන වකවානුව මඩදානය දීමට සුදුසු කාලයක් සේ සලකනි. කොත්මලේ පළාතේ මැස්සන් එලවනු සඳහා යන්ත්‍ර විශේෂයක් යොදන බවත් එය “දිය හොල්මන ” නමින් හැඳින්වෙන බවත් ඇසීමු.ගොයම් වැඩි සනීපෙට වැඩෙතොත් එහි කොළ කපා දමනුත් සිරිති. සමහරු ගැබිනි දෙනුන්ට පිදීගෙන එන ගොයම් කපා දීමාදියෙනුත් කෙම්කම් කෙරෙති. කරලේ කිරි පිරුණු පසු ගොයම් ගසට එය ඔසොවාගෙන සිටිනු නොහැකිය. එවිට ගොයම් ගස බිම වැතිරෙයි. නමුත් ගොයම් කරල පුරුකයෙන් නැවතත් එසවී සිටියි. එවිට එහි දර් ශනය ඇලයට තැබූ ලොකු හෙන්ඩුවක් සිහිපත් කරවයි. ලැගැ වමාරා කන හරකකු වැනියයි කියනුත් සුදුසුය. මෙසේ ගොයම් ලැග ගත් පසු එයට වතුර නුවමනාය. කල් දත් ගොවියෝ වප්පැන කපා හරිති. ගොයම් කරලට පොළෝ කාන්තාවගේ මුව සිඹින්නට වඩාත් ලෙහෙසිවන්නේ එවිටය. ගොයම් පැසි රතු වේගෙන යන මේ කාලයෙහි එයට පැමිණෙන උවදුරු බොහෝය. ගිරවු රංචු රංචු අවුත් කෙත වසා ගෙන ගොයම් කපාගෙන යති. පැසුණු ගොයමක ගිරවුන් වැසූ විට, ගොයම් කපන්නටත් පෙරටුව කුඹුර පුරන් වූවාක් සේ ඔබට පෙනෙනවා ඇත. කෙත මේ උවදුරින් වලකා ගනු සඳහා කැරැලිවැල්, අප්පුඩිලෑලි, ගැටලනු, ටකපෝරු, ආදිය එල්ලා ගෙන ඒවා නිරතුරු හොලවමින් ” වෝරි බොලේ චෝහො ” “කය්යාහෙ” යි කියමින් කෑගැසිය යුතුය. මේ රාජකාරිය වැඩි වශයෙන් ගොවියාගේ දරුවන්ට අයත් වේ. රෑට ඌරන් ආදී වනසතුන්ගෙන් රකිනු සඳහා පැල් ලැග්ග යුතුය. එබැවින් ගොවියා කෙතේ පැලක් සාදයි. පැල යම් තැනකද ගිනිගොඩත් එතැනමය. එතැන් සිට ගොවියාගේ රෑ කාලය ගත වන්නේ පැලෙහිය. ලංකාවේ ගමකතා නමින් ප්‍රසිද්ධ ජනකතා අතුරෙන් වැඩියක් මේ පැල් ලැගීම හා සම්බන්ධව පවතී. නිදිවරමින් සීපද කීම පැල් රකින්නාගේ කාරිය වන්නේය. ලංකාවේ ජනකවි අතුරින් වැඩි හරියක් ගිලිහුනේ මේ පැල්ල ගින්නාගේ මුව ගැබිනි. ගොවි හිතේ ඇති වූ විවිධ අදහස් ඉබේටම කවියට නැගී නිතැතින් පිටවනු විනා තතන තතනා කවි ගෙවීමක් ගොවියා නොදන්නේය. එහෙයින් පැල් කවි වල අර් ථ මාධූර්යයට වඩා ශබ්ද මාධූර් යම විශාල වශයෙන් ගැබ්ව පවතී. නමුත් ඇතැම් කවිවල ඉතා උසස් ප්‍රණීත අර්ථයෝත් ගැබ්වෙති.
උපුටා ගැනීම - "පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි"

Leave a Reply