Author: Dangaray Food

Sudu Heenati Rice Porridge Recipe

සුදු හීනටි සහල් 25g / 50g පැකට්ටුව විවෘත කර හොඳින් සෝදා විනාඩි 45 – 60 අතර ප්‍රමාණයක් සහල් පෙඟෙන්න හැර (වතුර 500ml – 600ml) තම්බා ගන්න(බතක් උයා ගන්නා ආකාරයට) .

ගොයමේ සතුරන් සහ කෙමි විදි 

ගොයමට සතුරුකම් කරන්නෝ බොහෝය. සතුන්ගේ සහ වැස්සේ අඩුවැඩිකම කම එයින් පුමුඛස්ථානය ගනී. සමහර පළාත්හි කොක්කනා නමිනුත් හැඳින්වෙන ගොඩවෙල්ලා වනාහි ගොයම් පැළේ පරම සතුරෙකි. සාමාන්‍යෙන් ඌ ඇතිවන්නේ ඉල්මහ කලුවරටය. ගොයම් පැළ පමණක් නොව කුඹුරේ තිබෙන සියලුම පැළෑටි වර්ග මුල් පිස කා දමනු ඌගේ සිරිති. ගොඩවෙල්ලාගෙන් අනතුරු ලත් කුඹුර උදුගොව්වා බෝවුන ඔළුවක් සේ හිස්වන්නේය. ඌ සමහර කාලයන්හි... continue reading

කුඹුරු පෝර කිරීම

කුඹුරු වල ඇති පඨවී රසය බීජය අනුව වෙනස්වන බවත් ඇතැම් කුඹුරක් සරුසාර ව වැවෙත්ම තවත් කුඹුරක් නිසරුවන බවත් අපි දනිමු. පළපුරුදු ගොවියන් කුඹුරට සරිලන බීජ මෙන්ම පොහොරත් තෝරාගන්නේ එහෙයිනි. පිහිටීම හා සෘතු ගුණය කුඹුරක් නිසරු වී නම් එයට නිසි පෝර යෙදීමෙන් සාරවත් කරගත හැකිය. කුඹුරු පස අනුව පෝර තෝරා ගත යුතු වන්නේය. පෝර යෙදීමෙන් සාරවත්... continue reading

කුඹුරු කිරීමේ ක්‍රම සහ වැව් අමුණු

ලංකාවේ කුඹුරු කිරීමේ ක්‍රම කීපයක් තිබුනේය. එයින් එක් ක්‍රමයක් නම් වැසි දියෙන් කුඹුරු කිරීම වේ. එහෙත් ඒ ක්‍රමය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබිය හැකිය. සෘතු ගුණය වෙනස් වීමෙන් වැසි ඵල අඩු වැඩි වන හෙයිනි. අතිශයින් සඵල වුත් නොවරදින සුළුවුත් ක්‍රමය නම් වැව් දියෙන් කුඹුරු කිරීම වන්නේය. රෝහණයත් අනුරාධපුර පළාතත් වැව් රාජ්‍යයන් වූයේ ඒ නිසාය. සිංහලයා ජල... continue reading

කුඹුරු ශබ්දය හා කුඹුරු වරගයෝ

ගෛගර මහතා කුඹුරු ශබ්දය ගම්භිර ශබ්දයෙන් බිඳියි. අපි කෙදාර ශබ්දයෙන් ආයේ යයි කියමු. කෙදාර> කුවුරු කුඹුරු යනු ආ ක්‍රමය වේ යයි සිතමු. කෙදාර ශබ්දය පිළිබඳ පැරැණිම රූපය කුබුර යනුයි. මධ්‍ය කාලීන රූපය කුම්බුරු යනු වේ. වර්තමාන කුඹුරු ශබ්දය මේ කුම්බුරු ශබ්දය ප්‍රභව කොට ඇත්තේය. කුඹුර එකක් වුවද නොයෙක් හේතූන් නිසා එය නොයෙක් ප්‍රදේශයන්හි නොයෙක් නම්... continue reading