About Dangaray Food

Dangaray Food Cloud Kitchen Studio - Sri Lankan traditional cuisine

දඟරේ ෆූඩ් “Cloud Kitchen Studio” අරමුණ වනුයේ දේශීය සහල්, ධාන්‍ය, කුළුබඩු, එළවළු, පළතුරු, මස්, මාංශ යන අමුද්‍රව්‍ය භාවිතයෙන් පාරම්පරික ක්‍රමවේදයන්ට සහ දේශීය සූපවේදයට අනුකූලව වස විස රසායනික ද්‍රව්‍ය අඩංගු නොකර ආහාර නිෂ්පාදනය.

දඟරේ ෆූඩ් අප ආයතනය මඟින් නිෂ්පාදනය කරන සහ අලෙවිකරණ ආහාර සඳහා යොදා ගනු ලබන්නේ කාබනික අමුද්‍රව්‍යයන් පමණි. මේ ලොව සිටින උතුම්ම සහ බුද්ධිමත්ම ජිවීයා මිනිසුන් ආහාර වශයේන් කෘත්‍රිම ආහාර සහ රසකාරකයන් යොදා දීර්ඝ කාලීනව ආහාරයට ගැනීමේදී විවිධ රෝගයන්ට ගොදුරු වෙමින් පවති. පිළිකා, අධික රුධිර පීඩන, දියවැඩියාව, වකුගඩු, ලේ විෂ වීම්, මලබද්ධය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කිරීම, ඔක්සිකාරක ආතතිය වැනි රෝග සඳහා බෙහෙවින් ඉවහල් වනුයේ දෛනික ආහාර රටාවන්ය.

හෙළ සූපවේදයේ අතීතය

සිරි ලංකාවේ සූපවේදය ලොවඅන් රටවල සූපවේදය සහ ආහාරයන්ට වඩා වෙනස් ආකාරයකට ඉවුම් පිහුම් කරනු ලබයි. අතීතයේ පටන්ම ලංකාවේ මැටි හට්ටි, මුට්ටි භාවිතය, පොල්කටු හැඳි, මිරිස් ගල, ගල් වංගෙඩි, ලී වංගෙඩි භාවිතය, වැනි උපකරණ මුල්කරගෙනද ඉන්ධන සඳහා දර භාවිතයෙන් ද ආහාර නිෂ්පාදනය කරනු ලබයි.

අතීතයේ සිරි ලංකාවේ දේශයන් වශයෙනුත් , ජන කොට්ඨාශ සහ ගෝත්‍රයන් වශයෙනුත් බෙදී පැවතුණු බව අප දන්නා කරුණකි. දේශීය සූපවේදයද මේ අනුව වෙනස් ව ඇත. මෙයින් යක්ෂ, නාග, රාක්ෂස හා දේව වශයෙන් විවිධ දේශයන් වශයෙනුත් ‌‌බෙදී පැවති අතර, මොවුන් සෘතු අනුවත් වර්ණ, ගන්ධ, රස, ස්පර්ශ වශයෙන් දේශයෙන් දේශයට සහ පුද්ගලයන්ගේ අභිමත පරිදි ආහාර අනුභව කරන ලදී.

අතීතයේ ආහාර නිෂ්පාදනය සඳහා දොළොස් ද්‍රව්‍ය වර්ග අමුද්‍රව්‍ය භාවිත කොට ඇත. ඒ්වා නම් මෙසේ දැක්විය හැක.

  1. ශුක ධාන්‍ය (වී, සහල් – හැල් , හීනටි, මා වී, ඇල් වී)
  2. ශමි ධාන්‍ය (උදා: ධාන්‍ය, උදු, මුං, කව්පි)
  3. මාංස වර්ග
  4. ශාක වර්ග (උදා: කළුකැම්මෙරිය, කූර, ඇත්තෝර, හින් කැකිරි, කරිවිල)
  5. ඵල වර්ග (උදා: අඹ, පේර, ඇඹරල්ලා, දිවුල්, මාදම්, ටංක ඵල (පියර්ස්), සිම්බිතිකා (ඇපල් ), නෙල්ලි, නාරං, ලොලු, දොඩම්, කරඹ)
  6. හරිත වර්ග (උදා: රාබු, දියතිප්පිලි, කොත්තමල්ලි, මුරුංගා, අසමෝදගම්)
  7. මද්‍යසාර වර්ග (මදිරා, අරිෂ්ඨ, සිධුව, ජගලමධ්‍ය)
  8. ජල වර්ග (උදා: වැසි ජලය, පොකුණු, ළිං, උල්පත්, විල් හා දිය ඇලි)
  9. ගෝරසවිකාර වර්ග (උදා: එළකිරි, මීකිරි, එළුකිරි, දීකිරි, මෝරු, ගිතෙල්)
  10. ඉක්ෂුවිකාර වර්ග (උදා:උක්සකුරු, පැණි, මීපැණි)
  11. කෘතාන්න වර්ග (උදා:පේයා, මණ්ඩය, විලේපි)
  12. ආහාරයෝගී වර්ග (උදා: තලතෙල, එරඬුතෙල්, ඉඟුරු යුෂ, සවිඳලුණු, යවක්ෂාර – සුදුරු, කළුදුරු, මහදුරු,කොත්තමල්ලි)

ආරොග්‍යපරමා ලාභා සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී නිබ්බාණපරමං සුඛං.
සියලු ලාභයෝ තාක් නීරෝග බව පරම කොටැත්තාහ. (රෝගිහු ලත් ලාභයෝ ලාභ නම් නො වෙත් නු යි නිරෝග බව උත්තම ලාභ නම් වෙයි.) ධනය සතුට පරම කොටැත්තේ ය. (යම් ධනයෙක් තමා විසින් ලබන ලද නම්, යම් ධනයෙක් තමා සතු නම්, එයින් ම සතුටු වන බව සෙසු ධනයට වඩා උතුම් ධනයෙක) නෑයෝ නම් විශ්වාසය පරමකොටැත්තෝ ය. (මාපියෝ ද යමකු හා විශ්වාසය නැත්නම් හෙ තෙම නො නෑ ම ය. යමෙක් වනාහි නොනෑ වුව ද විශ්වාස වී නම් හේ උතුම් නෑ ය.) සුවය නිවන පරම කොටැත්තේ ය (නිවන් හා සම සුවයෙක් නැත. එ බැවින් නිවන උතුම් ම සුවය යි.)